ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ඇතුළත් නවසීලන්ත කණ්ඩායමේ 2024/25 තරග වාරයට අයත් ජාත්‍යන්තර තරග කාලසටහන (නවසීලන්තය සත්කාරකත්වය දරන) අද(17) නිවේදනය කෙරුණා.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙන්ම කාන්තා කණ්ඩායම ද එළඹෙන තරග වාරයේ දී නවසීලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම හැරුණු විට එංගලන්ත හා පාකිස්තාන පිරිමි කණ්ඩායම් ද ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ද එරට සංචාරයවල නිරත වීමට නියමිතයි.
එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට ටෙස්ට් තරග තුනක් ඇතුළත් අතර, නොවැම්බර් 28 වැනිදා ආරම්භ වන එම තරගාවලියේ කාලසටහන මීට පෙර නිවේදනය කර තිබුණා.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ආරම්භ වන්නේ දෙසැම්බර් 28 වැනිදායි. විස්සයි 20 තරග තුනක් හා එක්දින තරග 3ක් මෙම සංචාරයට ඇතුළත්.
ශ්‍රී ලංකා – නවසීලන්ත කාලසටහන –
- December 28: 1st T20I, Tauranga
- December 30: 2nd T20I, Tauranga
- January 2: 3rd T20I, Nelson
- January 5: 1st ODI, Wellington (Basin Reserve)
- January 8: 2nd ODI, Hamilton
- January 11: 3rd ODI, Auckland
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය මාර්තු 4 වැනිදා ආරම්භ වන අතර, එම සංචාරයට එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3 ක් ඇතුළත්.
කාලසටහන –
- March 4: 1st ODI, Napier
- March 7: 2nd ODI, Nelson
- March 9: 3rd ODI, Nelson
- March 14: 1st T20I, Christchurch
- March 16: 2nd T20I, Christchurch
- March 18: 3rd T20I, Dunedin
නවසීලන්ත පිරිමි කණ්ඩායම එළඹෙන තරග වාරයේ දී ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 6 ක් හා විස්සයි 20 තරග 8 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. කාන්තා කණ්ඩායම එක්දින හා විස්සයි 20 තරග 6 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායම සැප්තැම්බර් මාසයේ සිට ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක් ටෙස්ට් තරගයක්, ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හා ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග 3ක් සිය රටින් පිටත දී ද ක්‍රීඩා කිරීමට නියමිතයි.
New Zealand’s 2024-25 home season fixtures
vs England Men
November 28-December 2: 1st Test, Christchurch
December 6-December 10: 2nd Test, Wellington
December 14-December 18: 3rd Test, Hamilton
vs Australia Women
December 19: 1st ODI, Wellington (Basin Reserve)
December 21: 2nd ODI, Wellington (Basin Reserve)
December 23: 3rd ODI, Wellington (Basin Reserve)
March 21: 1st T20I, Auckland
March 23: 2nd T20I, Tauranga
March 26: 3rd T20I, Wellington (Sky Stadium)
vs Sri Lanka Men
December 28: 1st T20I, Tauranga
December 30: 2nd T20I, Tauranga
January 2: 3rd T20I, Nelson
January 5: 1st ODI, Wellington (Basin Reserve)
January 8: 2nd ODI, Hamilton
January 11: 3rd ODI, Auckland
vs Sri Lanka Women
March 4: 1st ODI, Napier
March 7: 2nd ODI, Nelson
March 9: 3rd ODI, Nelson
March 14: 1st T20I, Christchurch
March 16: 2nd T20I, Christchurch
March 18: 3rd T20I, Dunedin
vs Pakistan Men
March 16: 1st T20I, Christchurch
March 18: 2nd T20I, Dunedin
March 21: 3rd T20I, Auckland
March 23: 4th T20I, Tauranga
March 26: 5th T20I, Wellington (Sky Stadium)
March 29: 1st ODI, Napier
April 2: 2nd ODI, Hamilton
April 5: 3rd ODI, Tauranga