ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(1) නිවේදනය කළා.
2025 වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලට යෙදී ඇති මෙම තරග සංචාරයට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වැදගත් තරග දෙකක් හා එක් එක්දින තරගයක් ඇතුළත්.
ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.
ටෙස්ට් තරගාවලියේ තරග දෙකම දග පන්දු යවන්නන්ට වැඩි වාසිදායක ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ජනවාරි 29 වැනිදා පළමු ටෙස්ට් තරගය ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ පෙබරවාරි 6 වැනිදායි.
එක්දින තරගය පෙබරවාරි 13 වැනිදා පැවැත්වෙන අතර, එය පැවැත්වෙන ක්‍රීඩාංගනය මෙතෙක් නිවේදනය කර නැහැ.
අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙරහුරුවක් වශයෙන් ඔස්ට්‍රේලියාව එම එක්දින තරගය යොදා ගනු ඇති.