ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර හෙට(2) ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන තරග නිළධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ දී තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ රංජන් මඩුගල්ල මහතායි.
විනිසුරුවන් 5 දෙනෙකු තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු විදෙස් විනිසුරුවරුන් වනවා.
ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.
ජූනි දෙවැනිදා එනම් හෙට දිනයේ දී පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Match Officials for the Afghanistan Tour of Sri Lanka 2023
Match Referee
1. Ranjan Madugalle – ICC Chief Match Referee
Umpire Panel
1. Michael Gough – Member – ICC Elite Panel of Umpires
2. Nitin Menon – Member – ICC Elite Panel of Umpires
3. Ruchira Palliyaguruge – ICC International Panel of Umpires
4. Lyndon Hannibal – ICC International Panel of Umpires
5. Prageeth Rambukwella – ICC International Panel of Umpires