ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත්ත ද, ඔවුන් B 1 කණ්ඩායම ලෙස සලකා තිබෙනවා.
ඒ, ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් B කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති පසුබිමකයි.
සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව සතු වීම මත පදනම්ව එම තීරණය ගෙන ඇති බවට වාර්තා වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් කණ්ඩායම බැවින් ඊට අනුරූපීව මීට පෙර අප විසින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය පවා ප්‍රකාශයට පත් කර තිබූ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු විය යුතුයි.
ශ්‍රී ලංකාව B1 කණ්ඩායම ලෙස සලකමින් ඉදිරිපත් කර ඇති සුපිරි 4 වටයේ තරග කාලසටහන –
Sep 3: Afghanistan (B2) vs Sri Lanka (B1), Sharjah
Sep 4: India (A1) vs Pakistan (A2), Dubai
Sep 6: Sri Lanka (B1) vs India (A1), Dubai
Sep 7: Pakistan (A2) vs Afghanistan (B2), Dubai
Sep 8: India (A1) vs Afghanistan (B2), Dubai
Sep 9: Sri Lanka (B1) vs Pakistan (A2), Dubai
Sep 11: Final, Dubai