ශ්‍රී ලංකාව හා නවසීලන්තය සම වෙයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරග‍ය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙනුයි අවසන් වුණේ.

ඩනේඩන්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

කෙසේ වෙතත්, නවසීලන්ත ඉනිමට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එක් ඉනිමක් පන්දුවාර 15 කට සීමා කර තරගය ක්‍රියාත්මක කිරීමට ද විනිසුරුවන් එක් අවස්ථාවක උත්සාහ කළා.

නමුත්, නවසීලන්ත ඉනිමේ පන්දුවාර 14.1 ක් පමණක් ක්‍රියාත්මක වූ අතර, අනතුරුව ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමුණා.

ඒ වන විට නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියා.

තරගාවලියේ වීරවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ලකුණු 87 ක් රැස් කළ හා කඩුලු දෙකක් දවා ගත් චමරි අතපත්තු.

big
Comments (0)
Add Comment