බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(8) පෙරවරුවේ දී දිවයිනෙන් පිටත්ව ගියා.
මෙම තරග සංචාරයේදී දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.
එම තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.
තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.
එම පුහුණු තරගය එළඹෙන 11 වැනිදා හා 12 වැනිදා චිතගොං හී දී පැවැත්වීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා චිතගොං හී දී ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ඩකා හී දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව තිබෙනවා. ලකුණු ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 50%ක් ලෙසයි.
බංග්ලාදේශයට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 12ක් පමණයි. ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 16.66%ක්.