ශ්‍රී ලංකාවට හා පාකිස්තානයට එරෙහි නවසීලන්ත 20යි 20 සංචිත නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 තරගාවලි සදහා වන නවසීලන්ත සංචිතය අද(26) රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණා.

එම තරගාවලි දෙකේ දී ම නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ටොම් ලේතම්ටයි. ඔහු 20යි 20 ජාත්‍යන්තර පිටියට කැදවා ඇත්තේ 2021 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 සංචිතය සදහා ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් අතර, මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති චැඩ් බොව්ස් හා හෙන්රි ශිප්ලි ද සංචිතයට ඇතුළත්.

අප්‍රේල් 9 වැනිදා පාකිස්තානය වෙත පිටත්ව යන නවසීලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කර තිබෙනවා.

Cole McConchie, Rachin Ravindra හා Tim Seifert 2021 වසරෙන් පසුව 20යි 20 සංචිතයට ඇතුළත් කර ඇති අතර, ටිම් සෙයිෆර්ට් ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පමණක් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු පාකිස්තාන සංචාරය සදහා එක් නොවන්නේ ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවිනුයි.

Dane Cleaver, Cole McConchie හා Blair Tickner පාකිස්තාන සංචාරය සදහා පමණක් නම් කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිතව ඇති බැවින් මෙම තරගාවලි දෙක සදහා නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නම් කර නැහැ.

ශ්‍රී ලංකා – නවසීලන්ත 20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වනවා. දෙවැනි (අප්‍රේල් 5) හා තෙවැනි (අප්‍රේල් 8) 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

T20 Squads :

Tom Latham (c, wk)
Chad Bowes
Mark Chapman
Dane Cleaver (PAK T20s)
Matt Henry
Ben Lister
Adam Milne
Cole McConchie (PAK T20s)
Daryl Mitchell
Jimmy Neesham
Rachin Ravindra
Tim Seifert (SL T20s)
Henry Shipley
Ish Sodhi
Blair Tickner (PAK T20s)
Will Young

big 3
Comments (0)
Add Comment