ශ්‍රී ලංකාවට ලකුණු 190 ක පරාජයක්

Match Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම (2-0) තහවුරු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(1) සමත් වුණා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 483 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 292 ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 58 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 55 ක් හා නායක ධනංජය ද සිල්වා ලකුණු 50 ක් රැස් කළා. මිලාන් රත්නායක ලකුණු 43කට හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 36 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 118 ක් රැස් කළ ගස් ඇට්කින්සන් ලකුණු 62 කට කඩුලු 5 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 427 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 196 ක් පමණයි. අනතුරුව එංගලන්තය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 251 ක්.

top
Comments (0)
Add Comment