ශ්‍රී ලංකාවට නව සහාය පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු මීට පෙර බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, 2020 වසරේ දී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ද ජය ගැනීමට සමත් වුණේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

48 හැවිරිදි ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීමට ද පසුගිය 9 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

Comments (0)
Add Comment