එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන බංග්ලාදේශ කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Nigar Sultana Joty ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.
සංචිතයෙන් Salma Khatun හා Rumana Ahmed ඉවත් කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. ඔවුන් දෙදෙනාම නොමැතිව බංග්ලාදේශය එක්දින තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව බවට ශ්‍රී ලංකා සංචාරය පත් වනු ඇති.
බංග්ලාදේශ තේරීම් කමිටු නිළධාරී Manjurul Islam සදහන් කළේ ඔවුන් දෙදෙනාව මෙම සංචාරයෙන් විවේක ගැන්වීමට කටයුතු කර ඇති බවයි.
ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 25 වැනිදා දිවයිනට පැමිණෙන අතර, බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගයක් කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේ දී අප්‍රේල් 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලිය ලබන 29 වැනිදා ද, 20යි 20 තරගාවලිය මැයි 9 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 20යි 20 තරගාවලියට පෙර බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු 20යි 20 තරගයක් මැයි 7 වැනිදා සී සී සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
Bangladesh squad:
Nigar Sultana Joty (c), Fargana Hoque Pinky, Shamima Sultana, Fahima Khatun, Murshida Khatun, Jahanara Alam, Sanjida Akther Maghla, Sobhana Mostary, Lata Mondal, Shorna Akter, Nahida Akter, Fariha Islam Trisna, Ritu Moni, Disha Biswas, Rabeya Khan, Sultana Khatun