ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු විස්සයි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතය (New Zealand XI) නම් කර තිබෙනවා.
Joe Carter ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.
එක්දින තරග අටකදී හා විස්සයි 20 තරග පහකදී නවසීලන්තය නියෝජනය කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක හෙන්රි ශිප්ලි ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
2023 වසරේ ජූලි මාසයේදී පිට කොන්ද ආශ්‍රිතව ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සැලකිය යුතු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.
2023 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ සිදු කළ තරග සංචාරයේදී ද හෙන්රි ශිප්ලි ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වූ අතර, පළමු එක්දින තරගයේදී ලකුණු 31 කට කඩුලු 5 ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.
පසුගිය මාසයේ පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන බෙවන් ජෙකබ්ස් ද සංචිතයට ඇතුළත්. ඔහු තවමත් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගෙන නැහැ.
පුහුණු තරගය ලබන සදුදා Lincoln University ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. නවසීලන්ත එක්දින හා විස්සයි 20 සංචිත ද සදුදා දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තරග සංචාරයට විස්සයි 20 තරග 3 ක් හා එක්දින තරග 3ක් ඇතුළත්. විස්සයි 20 තරගාවලිය දෙසැම්බර් 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
New Zealand XI squad v Sri Lanka
- Joe Carter (c)
- Adi Ashok
- Muhammad Abbas
- Matt Boyle
- Katene Clarke
- Kristian Clarke
- Matt Fisher
- Bevon Jacobs
- Raunaq Kapur
- Ben Lister
- Callum McLachlan
- Henry Shipley
ශ්‍රී ලංකා – නවසීලන්ත කාලසටහන :
- December 28: 1st T20I, Tauranga (11:45 am SLST)
- December 30: 2nd T20I, Tauranga (11:45 am SLST)
- January 2: 3rd T20I, Nelson (5:45am SLST)
- January 5: 1st ODI, Wellington (3:30am SLST)
- January 8: 2nd ODI, Hamilton (6:30am SLST)
- January 11: 3rd ODI, Auckland (6:30am SLST)