ශ්‍රී ලංකාව සමග හෙට(7) පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.
ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකුම මෙම කණ්ඩායමට ද ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඇෂ්ටන් ඒගාර් ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා.
පැට් කමින්ස් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, සිය බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් ඇඩම් සම්පා මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැදී සිටිනවා.
පසුගිය වසරේ ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා සැසදීමේ දී හෙට තරගය සදහා වන කණ්ඩායමට ඇතුළත්ව නොමැති ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ඔවුන් දෙදෙනා පමණයි.
ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීව් ස්මිත් මෙන්ම මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් යන ක්‍රීඩකයින් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා තිබෙනවා.
ඔවුන් සියලු දෙනා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ 20යි 20 තරග කිහිපය සදහා ක්‍රීඩා කළේ නැහැ.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරග 2 හෙට හා අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
පළමු තරගය හෙට රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
පළමු 20යි 20 තරග දෙකේම ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්.
Australia XI for first T20I v Sri Lanka:
Aaron Finch (c), David Warner, Mitch Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade, Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood