ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රිකට් තරගාවලි සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.
ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන බෙවන් ජෙකබ්ස් පළමු වරට ජාතික විස්සයි 20 සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ, පසුගිය මාසයේ පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ද ඔහුව මිලදී ගත් පසුබිමකයි.
අද ශ්‍රී ලංකාව සමග පැවැති පුුහුණු විස්සයි 20 තරගය සදහා ද 22 හැවිරිදි ඔහු ක්‍රීඩා කළ අතර, එම තරගයේදී ජේකබ්ස් ලකුණු 39(16) ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.
පසුගිය මාසයේදී සිදු කෙරුණු ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩා නොකළ රචින් රවීන්ද්‍ර, ඩැරල් මිචෙල් හා මැට් හෙන්රි අද නම් කෙරුණු එක්දින හා විස්සයි 20 සංචිත දෙක සදහාම කැදවා තිබෙනවා.
මිචෙල් සැන්ට්නර් නවසීලන්ත සුදු පන්දු කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත් කිරීමෙන් අනතුරුව නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරගාවලියයි.
ශ්‍රී ලංකාවට එරෙහිව ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියට නවසීලන්ත සංචිතය නම් කිරීමට පෙර නවසීලන්තය ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලිය ද වනවා.
Zac Foulkes, Mitch Hay හා Tim Robinson යන ක්‍රීඩකයින්ට පළමු වරට සිය රටේදී ජාත්‍යන්තර තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී අවස්ථාව උදා වී තිබෙනවා.
විස්සයි 20 කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස Hay නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එක්දින සංචිතයට ද ඇතුළත් කර ඇති ඔහු නිමා වූ ශ්‍රී ලංකා සංචාරයේදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වුණේ නව ලෝක වාර්තාවක් පිහිටුවීම හේතුවෙන්.
ඔහු දඹුල්ලේ පැවැති පළමු විස්සයි 20 තරගයේදී දවා ගැනීම් හයකට (උඩ පන්දු 5 ක් හා ස්ටම්ප් කිරීමක්) සිය දායකත්වය ලබා දුන් අතර, විස්සයි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමක වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වූ ක්‍රීඩකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.
ටොම් ලේතම්, විල් ඕරෝක් හා විල් යන්ග් එක්දින සංචිතය සදහා පමණක් නම් කර ඇති අතර, ජේකබ්, ෆෝල්ක්ස් හා රොබින්සන් නම් කර ඇත්තේ විස්සයි 20 තරගාවලිය සදහා පමණයි.
BLACKCAPS T20I & ODI squads v Sri Lanka
Mitchell Santner (c), Michael Bracewell, Mark Chapman, Jacob Duffy, Zak Foulkes (T20I only), Mitch Hay, Matt Henry, Bevon Jacobs (T20I only), Tom Latham (ODI only), Daryl Mitchell, Will O’Rourke (ODI only), Glenn Phillips, Rachin Ravindra, Tim Robinson (T20I only), Nathan Smith,Will Young (ODI only)
Schedule :
- December 28: 1st T20I, Tauranga (11:45 am SLST)
- December 30: 2nd T20I, Tauranga (11:45 am SLST)
- January 2: 3rd T20I, Nelson (5:45am SLST)
- January 5: 1st ODI, Wellington (3:30am SLST)
- January 8: 2nd ODI, Hamilton (6:30am SLST)
- January 11: 3rd ODI, Auckland (6:30am SLST)
Also Read : Bevon Jacobs Earns Maiden BLACKCAPS Call-Up for T20I Series Against Sri Lanka