ශ්‍රී ලංකාවට එරෙහි දෙදින පුහුණු තරගයට නවසීලන්ත සංචිතය නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙදින පුහුණු ක්‍රිකට් තරගය සදහා වන නවසීලන්ත සංචිතය (NZ XI) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජැක් බොයිල්ගේ නායකත්ව‍යෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

පුහුණු තරගය එළඹෙන 4 වැනිදා හා 5 වැනිදා Lincoln හි Bert Sutcliffe Oval ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගය නවසීලන්ත ක්‍රිකට් නිල යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරෙන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත සංචාරය යටතේ අද (2)  දිනයේ දී පළමු පුහුණු සැසියට ද එක් වුණා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 17 වැනිදා ආරම්භ වන්නේ වෙලින්ටන් හී දී යි.

පුහුණු තරගයට නම් කෙරුණු නවසීලන්ත සංචිතය (NZ XI) –

NZC
big 3
Comments (0)
Add Comment