ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයට ට්‍රෙස්කොතික් වෙනුවට ෆ්ලින්ටොෆ්

ශ්‍රී ලංකාව සමග ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන මර්කස් ට්‍රෙස්කොතික්  කෙටි විවේකයක් ගැනීමට නියමිතව තිබීම හේතුවෙන්.

සැප්තැම්බර් මාසයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියන්හී දී කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ට්‍රෙස්කොතික් කටයුතු කිරීමට නියමිතව ඇති පසුබිමකයි ඔහු මෙම කෙටි විවේකය ගැනීමට තීරණය කර ඇත්තේ.

පසුගිය වසරක කාලයේ දී ෆ්ලින්ටොෆ් එංගලන්ත කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයට ඇතුළත්ව සිටි නමුත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 හා එක්දින තරගාවලිය සදහා ඔහු එක් වන්නේ නැහැ.

Comments (0)
Add Comment