ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට ප්‍රබලයෙකු කැදවයි

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

ඒ, ටෙස්ට් සංචිතයට ඇතුළත් ට්‍රැවිස් හෙඩ් දෙරට අතර පැවැති සිව්වැනි එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය සැලකිල්ලට ගනිමින්.

එම ආබාධය හේතුවෙන් ට්‍රැවිස් හෙඩ්ට හෙට පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

එළඹෙන 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සදහා ට්‍රැවිස් හෙඩ්ගේ සහභාගීත්වය ද මේ වන විට පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි.

ඒ හේතුවෙනුයි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය සදහා ග්ලේන් මැක්ස්වෙල් නම් කර ඇත්තේ.

මැක්ස්වෙල් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දී වීම විශේෂත්වයක්.

ඔහු මේ දක්වා ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 339ක්. ඊට එක් ශතකයක් ද ඇතුළත්.

Comments (0)
Add Comment