නවතම අසි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණට පැමිණීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි සමත්ව තිබෙනවා.
මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම වැඩිම කඩුලු ලාභියා වන 23 හැවිරි අෆ්රිඩි නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
ලෝක කුසලානයේ දී මේ දක්වා ඉනිම් 7කදී කඩුලු 16 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හමුවේ මෙතෙක් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසු වූ ජොෂ් හේසල්වුඩ්ට මේ වන විට දෙවැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුව තිබෙනවා.
මොහමඩ් සිරාජ් හා කේෂාව් මහරාජ් ද එක් ස්ථානය බැගින් පසු බැස ඇති අතර, ඒ අනුව ඔවුන් මේ වන විට පිළිවෙළින් තෙවැනි හා සිව්වැනි ස්ථානවලයි රැදී සිටින්නේ.
අෆ්රිඩි ඕනෑම තරග රටාවකින් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.
එක්දින පිතිකරුවන් අතර පෙරමුණ ද පාකිස්තානයේ බාබර් අසාම් විසින් තවදුරටත් හිමි කර ගෙන සිටිනවා. කෙසේ වෙතත්, ඔහු හා ඉන්දියාවේ ෂුබ්මන් ගිල් අතර පවතින්නේ ශ්‍රේණිගත ලකුණු දෙකක පරතරයක් පමණයි.
පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ මහීෂ් තීක්ෂණයි. ඔහු 16 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ 21 වැනි ස්ථානයේ රැදී සිටින පැතුම් නිස්සංකයි.