ශන්තෝ, රහීම් හා ලිටොන්ගේ සුපිරි ඉනිම්වලින් පසු ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව යළි සටනට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (18) නිමා වුණා.

දිනය නිමා වන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 484 ක්.

දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 148 කට දැවී ගියා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 163 ක් ලබා ගත්තා. ලිටොන් දාස් ලකුණු 90 යි. රහීම් හා ශන්තෝ සිව්වැනි කඩුල්ලට ලකුණු 264 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, රහීම් හා ලිටොන් අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 149 ක්.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා තරිදු රත්නායක කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අද දිනයේදී දැවී ගිය බංග්ලාදේශයේ අවසන් කඩුලු පහ ලකුණු 26 ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.

top
Comments (0)
Add Comment