ශකිබ්ගේ කණ්ඩායම බුබුල කැඩූ බවට චෝදනා; පරීක්ෂණත් ඇරඹේ

බංග්ලාදේශයේ පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුල බිද වැටීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශකිබ් අල් හසාන් නායකත්වය දරන Mohammedan ක්‍රීඩා සමාජයට අදාළව මෙම චෝදනාව එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සිකුරාදා එම කණ්ඩායම ඩකා හි ෂෙරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් කටයුතුවල නිරත වී තිබුණා.

එහිදී ශකිබ් අල් හසාන් පිතිකරණ පුහුණුවීම්වල නිරතවන අවසථාවේ දී පිටස්තර පුද්ගලයෙකු ක්‍රීඩාංගනය තුළට පැමිණ ඇති බව සදහන්.

එම පුද්ගලයාගේ අනන්‍යතාවය ද මෙතෙක් අනාවරණය වී නැහැ.

ජෛව ආරක්ෂිත බුබුල බිද දැමීමක් සිදු කළහොත් ඊට එරෙහිව දැඩි දඩුවම් ලබා දෙන බවටයි තරගාවලිය ආරම්භ වීමට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණේ.

WORLD NEWS
Comments (0)
Add Comment