නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරග සදහා වන ඉන්දීය සංචිතයට වොෂින්ටන් සුන්දර් කැදවා තිබෙනවා.
සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස ඔහුව නම් කර ඇති අතර, වෙනත් කිසිදු වෙනසක් සංචිතයට සිදු කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.
ඉරිදා දිනයේ දී නවසීලන්ත කණ්ඩායම බැංගලූරුහී දී ඉන්දියාව පරදා පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු අටක ඓතිහාසික ටෙස්ට් ජයක් වාර්තා කළා.
නවසීලන්තය ඉන්දියාවේ දී ලැබූ තෙවැනි ටෙස්ට් ජය එය වන අතර, 1988 වසරෙන් පසුව ඉන්දියාවේ දී ඔවුන් ලැබූ පළමු ටෙස්ට් ජය වන්නේ ද එයයි.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය පූනේහී දී ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. අවසන් තරගය මුම්බායිහීදී ආරම්භ වන්නේ නොවැම්බර් පළමු වැනිදායි.
India squad for the second and third Tests against New Zealand
Rohit Sharma (c), Jasprit Bumrah (vice-capt), Yashasvi Jaiswal, Shubman Gill, Virat Kohli, KL Rahul, Sarfaraz Khan, Rishabh Pant (wk), Dhruv Jurel (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Mohd. Siraj, Akash Deep, Washington Sundar.