ශ්‍රී ලංකා යොවුන් දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.
ශාන්ත ජෝෂප් විද්‍යාලය හා ශාන්ත පීටර්ස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහුව මෙලෙස ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර ඇති බව සදහන්.
ඔහු සිය පාසල් කණ්ඩායම වන ශාන්ත ජෝෂප් විද්‍යාල කණ්ඩායමයි මෙම තරගයේ දී නියෝජනය කරන්නේ.
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට දුනිත් වෙල්ලාලගේ ඇතුළත්ව සිටිය ද, මේ දිනවල ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ.