එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද(17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.
ඉනෝකා රණවීර හා අමා කාංචනා සංචිතයෙන් ඉවත් කර ඇති අතර, හසිනි පෙරේරාට හා 16 හැවිරිදි ශශිනි ගිම්හානිට ද සංචිතයේ ඉඩක් වෙන්ව නැහැ.
මෙම වසර මුලදී පැවැති යොවුන් කාන්තා ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ මනුදි නානායක්කාර හා රශ්මිකා සෙව්වන්දි සංචිතයට නම් කර තිබෙනවා. චේතනා විමුක්ති ද සංචිතයට ඇතුළත්.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් එළඹෙන 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, මෙම සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර එළඹෙන 27 හා 28 යන දිනවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම Lincoln හීදී පුහුණු තරග දෙකක් සදහා ද එක්වනවා.
එක්දින තරගාවලිය මාර්තු 4 (Napier), 7 (Nelson) හා 9 (Nelson) යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලිය මාර්තු 14(Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.
Sri Lanka Women squad for New Zealand ODIs and T20Is
Chamari Athapaththu (c), Harshitha Samarawickrama, Vishmi Gunaratne, Nilakshika Silva, Kavisha Dilhari, Anushka Sanjeewani, Manudi Nanayakkara, Imesha Dulani, Achini Kulasuriya, Udeshika Prabodhani, Sachini Nisansala, Kaushini Nuthyangana, Inoshi Priyadarshini, Sugandika Kumari, Rashmika Sewwandi, Chethana Vimukthi