එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමි වූ බෙන් ස්ටොක්ස් මෙම සංචාරයට නම් කර ඇති අතර, ඒ අනුව ඔහුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Brydon Carse ද සංචිතයට නම් කර තිබෙනවා. පෙබරවාරි මාසයෙන් පසුව ජැක් ලීච් යළි එංගලන්තය සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ප්‍රධාන වේග පන්දු යවන්නන් හය දෙනෙකු සහිත සංචිතයට ජොෂ් හොල් ද ඇතුළත්. ඔහු ටෙස්ට් වරම් දිනා ගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයේ දී යි.
2022 වසරෙන් පසුව පළමු වරට ක්‍රිස් වෝක්ස් විදෙස් සංචාරයක් සදහා නම් කර තිබෙනවා.
ප්‍රධාන දග පන්දු යවන්නන් ලෙස ලීච්ට අමතරව ශොයිබ් බෂියර් හා රෙහාන් අහ්මඩ් ද සංචිතයට ඇතුළත්.
ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වූ සැක් ක්‍රව්ලි පාකිස්තාන සංචාරයට කැදවා ඇති අතර, ඔහු වෙනුවට ඉනිම ආරම්භ කළ ඩෑන් ලෝරන්ස්ට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා. ජෝර්ඩන් කොක්ස් ද සංචිතයට ඇතුළත්.
පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වනවා.
England Test squad :
Ben Stokes (c), Rehan Ahmed, Gus Atkinson, Shoaib Bashir, Harry Brook, Brydon Carse, Jordan Cox, Zak Crawley, Ben Duckett, Josh Hull, Jack Leach, Ollie Pope, Matthew Potts, Joe Root, Jamie Smith, Olly Stone, Chris Woakes