නවසීලන්තයේ කේන් විලියම්සන් හා එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් 2025 SA20 තරගාවලිය සදහා Durban’s Super Giants කණ්ඩායම සමග සෘජුව ගිවිසුම්ගත වී තිබෙනවා.
මෙය එම ක්‍රීඩකයින් දෙදෙනාම SA20 තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව බවට පත් වනු ඇති.
තරගාවලිය සදහා සංචිතවල රදවා ගන්නා ක්‍රීඩකයින් තීරණය කිරම සදහා ලබා දී ඇති කාලය ජූලි 21 වැනිදායි අවසන් වන අතර, සෘජු ගිවිසුම්ගත වීම් සදහා අගෝස්තු 31 වැනිදා දක්වා කාලය පවතිනවා.
2025 SA20 තරගාවලිය ජනවාරි 9 වැනිදා සිට පෙබරවාරි 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
පසුගිය සතියේ දී Paarl Royals කණ්ඩායම විසින් එංගලන්තයේ ජෝ රූට් සමග ගිවිසුම්ගත වූ අතර, බෙන් ස්ටොක්ස් වෙත ද MI Cape Town කණ්ඩායම විසින් ගිවිසුමක් යෝජනා කර තිබෙනවා.