විලියම්සන් ශතකය අභියස

Day 1 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) මවුන්ට් මංගනුයිහී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්තය දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 222ක්.

නවසීලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශහීන් ශාහ් අෆ්රිඩි ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ, ටොම් ලේතම් ලකුණු 4කට සහ ටොම් බ්ලන්ඩල් ලකුණු 5කට දවා ගනිමින්.

රෝස් ටේලර් ලකුණු 70ක් ලබා ගත් අතර, නොදැවී පන්දුවට පහර දෙන නායක කේන් විලියම්සන් ලකුණු 94ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 42ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 55කට කඩුලු 3ක් දවා ගත්තා.

Comments (0)
Add Comment