සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් ඉන්දීය ටෙස්ට් සංචාරය අහිමි වූ කේන් විලියම්සන් මෙම තරගාවලිය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේදී ජාත්‍යන්තර වරම් හිමි කර ගත් නේදන් ස්මිත් පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා. මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ජෙකොබ් ඩෆී ද සංචිතයට ඇතුළත්.
මේ වන විට ශ්‍රී ලංකා සංචාරයක නිරත නවසීලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා වන මිචෙල් සැන්ට්නර් එංගලන්තයට එරෙහි දෙවැනි හා තෙවැනි ටෙස්ට් තරග සදහා පමණක් ක්‍රීඩා කරනු ඇති.
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 15 ක් දවා ගත් අජාස් පටෙල්ට සංචිතයේ සථානයක් හිමිව නැහැ.
නවසීලන්තය හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් දෙවැනිදා ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.
New Zealand Test squad vs England
Tom Latham (c), Tom Blundell, Devon Conway, Jacob Duffy, Matt Henry, Daryl Mitchell, Will O’Rourke, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner (Tests 2 and 3), Nathan Smith, Tim Southee, Kane Williamson, Will Young