විලියම්සන්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත නායක කේන් විලියම්සන්ට අහිමි වී තිබෙනවා.

ඒ, කෙටි කාලයක සිට ඔහුගේ වම් වැලමිටෙහි පවතින ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ආබාධය නිසා විලියම්සන්ට කෙටි කාලයක් විවේක ගැනීමට සිදු වන බවත්, මෙම වසරේ පවතින කාර්යයබහුල තරග කාලසටහන හේතුවෙන් එලෙස ඔහු විවේක ගැන්වීම ඉතා වැදගත් බවත් එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 20 වනදා ඩුනේඩින් හී දී ආරම්භ වීමට නියමිතයි.

WORLD NEWS
Comments (0)
Add Comment