විරාත් කෝලි T20 ජාත්‍යන්තර පිටියට සමු දෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමෙන් පසුවයි ඔහු ඒ බව නිවේදනය කළේ.

අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ විරාත් කෝලි පන්දු 59 කින් ලකුණු 76 ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

තරගයෙන් අනතුරුව තරගයේ වීරයා සම්මානය ලබා ගැනීමෙන් පසුව අදහස් දක්වමින් කෝලි විස්සයි 20 පිටියට සමු ගැනීමේ සිය තීරණය ප්‍රකාශ කළා.

ඒ අනුව අද අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය කෝලි ක්‍රීඩා කළ අවසන් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ද වනවා.

2010 වසරේ දී විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් කෝලි තරග 125 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 4188 ක්. අර්ධ ශතක 38 ක් හා එක් ශතකයක් ඔහුගේ විස්සයි 20 ජාත්‍යන්තර දිවිය වර්ණවත් කළා.

Comments (0)
Add Comment