2015 වසරේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම ඉන්දියාවේ සිදු කළ තරග සංචාරය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා හිටපු නායක ඩීන් එල්ගර් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
එම තරග සංචාරය යටතේ මොහාලි හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ඉන්දීය හිටපු නායක විරාත් කෝලි තමා දෙසට කෙළ ගැසූ බවයි එල්ගර් අනාවරණය කර ඇත්තේ.
කෝලි ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව ඉන්දියාව සිය රටේ දී ක්‍රීඩා කළ පළමු තරගාවලිය වූයේ ද එම තරගාවලියයි.
ටෙස්ට් තරග 86 කින් යුත් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තැබීමට ඩීන් එල්ගර් මීට සති කිහිපයකට පෙර තීරණය කළ අතර, ඒ අනුව ඉන්දියාව සමග නිව්ලන්ඩ්ස් හීදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත් වුණා.
Betway South Africa යූටියුබ් නාලිකාවේ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඩීන් එල්ගර් සදහන් කර සිටියේ 2015 ඉන්දීය සංචාරය යටතේ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී තමා පිතිකරණයේ නිරතව සිටියදී කෝලි විසින් කෙළවලින් තමා දෙසට පහර දීම සිදු කළ බවයි.
මේ සම්බන්ධයෙන් එල්ගර් අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී අදහස් දක්වා සිටියේ පහත සදහන් අයුරින්. –
“I came in to bat, and I was holding my own against Ashwin and Jadeja. Kohli, he like spat at me, and I said to him, ‘If you do that again I’ll f*****g p**s you with this bat. I will absolutely knock you out on this field.’ ”
අනතුරුව කෝලි අසලට ගිය ඒ බී ඩිවිලියර්ස් එලෙස කෙළ ගසන්නේ ඇයිදැයි විමසා සිටි බව ද එල්ගර් පවසා සිටියා.
කෙසේ වෙතත්, 2017-18 තරග වාරයේ දී ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සිදු කළ තරග සංචාරයේ දී විරාත් කෝලි තමාගෙන් අදාළ සිද්ධියට සමාව අයැද සිටි බව ද ඩීන් එල්ගර් මෙම සම්මුඛ සාකච්ඡාවේ දී අනාවරණය කර සිටියා.
“Two or three years later we’re playing in South Africa, and [Kohli] calls me aside and says, ‘Can we have a drink together at the end of the series? I just want to apologise for my actions.’ The punchline is we drank until three in the morning.” යනුවෙන් එල්ගර් සදහන් කළා.