විම්බල්ඩන් ශූරතාවය Barbora Krejcikova දිනා ගනියි

එංගලන්තයේ පැවැති 2024 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට චෙක් ජනරජයේ Barbora Krejcikova අද(13) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයෙන් ඉතාලියේ Jasmine Paolini තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් කරමින්.

ලකුණු සටහන දැක් වුණේ 6-2 ක්, 2-6 ක් හා 6-4 ක් ලෙසයි.

2023 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය ද චෙක් ජනරජයේ Marketa Vondrousova දිනා ගත් පසුබිමකයි Barbora Krejcikova මෙවර එම ශූරතාවය දිනා ගත්තේ.

මෙය ඇය විසින් දිනා ගත් දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවයයි. මීට පෙර ඇය 2021 වසරේ දී ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවය දිනා ගෙන තිබුණා.

Comments (0)
Add Comment