වෑග්නර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර්ට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධ තත්ත්වය හේතුවෙන්.

නෙයිල් වෑග්නර් පළමු ටෙස්ට් තරගයේ දී පන්දුවාර 49ක් යොමු කරමින් කඩුලු 4ක් දවා ගත් අතර, ඔහු ආබාධය සහිතව එලෙස දක්ෂතා දැක්වීම තරගයේ තීරණයට ද බෙහෙවින් බලපානු ලැබුවා.

එම තරගයෙන් නවසීලන්තය ලකුණු 101ක ජයක් වාර්තා කරමින් ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ද සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකික් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය එළඹෙන 3 වනදා ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.

Comments (0)
Add Comment