2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව හා නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවාම අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.
මෙරට වේලාවෙන් අද(12) පෙරවරු 5:00 ට ෆ්ලොරිඩාහි Lauderhill හී දී මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබූ අතර, දිනය පුරා එම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලීම හේතුවෙන් තරගය පැවැත්වීමට තරම් සුදුසු තත්ත්වයක ක්‍රීඩාංගනය පැවතුණේ නැහැ.
ඒ අනුව මෙරට වේලාවෙන් පෙරවරු හයට පමණ විනිසුරුවන් තීරණය කළේ තරගය අත්හැර දැමීමටයි. එහිදී කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා.
මෙම තරගයේ ප්‍රතිපලයත් සමග දකුණු අප්‍රිකාව සුපිරි අට වටය සදහා සුදුසුකම් ලබා ගත්තා. ඒ, මෙවර තරගාවලියේ දී සුපිරි අට වටයට සුදුසුකම් ලැබූ පළමු රට බවට පත් වෙමින්.
[team_standings 59915]
සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද යම් බලපොරොත්තුවක් තබා ගැනීමටනම් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්යය වී තිබූ අතර, තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීම නිසා එම අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකාවට ඉතා සීමිත වී තිබෙනවා.
ශ්‍රී ලංකාව නිල වශයෙන් මෙතෙක් තරගාවලියෙන් ඉවත් වී නැහැ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මීළග වටයට සුදුසුකම් ලැබීමටනම් ආශ්චර්යයක්ම සිදු විය යුතුයි.
සුපිරි අටට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමටනම් සිදු විය යුතු දේ
මෙහිදී බංග්ලාදේශය හා නෙදර්ලන්තය අතර හෙට(13) පැවැත්වීමට නියමිත තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීම අනිවාර්යයෙන් සිදු විය යුතු වනවා. එම තරගයෙන් යම් කණ්ඩායමක් ජයගතහොත් ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදු වනවා.
එම තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් වී, දකුණු අප්‍රිකාව හා නේපාලය අතර තරගයෙන් දකුණු අප්‍රිකාව ඉහළ පරතරයක් සහිතව ජය ගත යුතුයි. අනතුරුව බංග්ලාදේශය හා නේපාලය අතර පැවැත්වෙන තරගයෙන් නේපාලය සුළු පරතරයක් සහිතව ජය ගත යුතු වනවා.
ශ්‍රී ලංකාවට මූලික වටය යටතේ තවත් ඉතිරිව ඇත්තේ එළඹෙන 17 වැනිදා ශාන්ත ලුසියාහී දී නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය පමණයි. ඒ අනුව එම තරගයෙන් ශ්‍රී ලංකාව දැවැන්ත ජයක් වාර්තා කරමින් ශුද්ධ ලකුණු වේගය ඉහළ මට්ටමක තබා ගතහොත් පමණක් ශ්‍රී ලංකාවට සුපිරි අට වටය පිළිබද යම් බලාපොරොත්තුවක් තබා ගත හැකියි.
ඉතහ සදහන් ආකාරයෙන් තරග ප්‍රතිපල වාර්තා වුවහොත්, දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු අටක් ද, සෙසු කණ්ඩායම්වලට ප්‍රසාද ලකුණු 3 බැගින් ද හිමි වනවා. එහිදී දකුණු අප්‍රිකාව සමගින් සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගන්නේ ශුද්ධ ලකුණු වේගය අතින් ඉහළින්ම පසුවන කණ්ඩායමයි.
D කාණ්ඩයේ ඉතිරි තරග –
- Bangladesh vs Netherlands
- South Africa vs Nepal
- Bangladesh vs Nepal
- Sri Lanka vs Netherlands