වායු දූෂණයෙන් පාකිස්තාන – සිම්බාබ්වේ තරගාවලියට බාධා

පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලාහෝර් හී දී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයේ පවතින වායු තත්ත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව අදාළ තරගාවලිය රාවල්පින්ඩි හීදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඊට අමතරව කල් දැමීමට කටයුතු කෙරුණු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ද පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කරච්චි හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Pakistan v Zimbabwe :

7 Nov – 1st T20, Pindi

8 Nov – 2nd T20I, Pindi

10 Nov – 3rd T20I, Pindi

PSL 2020 :

14 Nov – Qualifier (Multan Sultans v Karachi Kings), Karachi

Eliminator 1 (Lahore Qalandars v Peshawar Zalmi), Karachi

15 Nov – Eliminator 2 (loser Qualifier v winner Eliminator 1), Karachi

17 Nov – Final, Karachi

Comments (0)
Add Comment