ඉන්දීය කඩුලු රකින පිතිකරුවෙකු වන ව්රිධිමන් සහා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට ක්‍රියාත්මක රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහු ක්‍රිකට් පිටියට සමු දීමටයි තීරණය කර ඇත්තේ. රංජි කුසලාන තරගාවලියේ දී ඔහු නියෝජනය කරන්නේ බෙංගාල කණ්ඩායමයි.
40 හැවිරිදි ඔහු සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් 17 වසර වෘත්තීය ක්‍රිකට් දිවියට සමු දීමේ සිය තීරණය නිවේදනය කළා.
ව්රිධිමන් සහා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 40 ක් හා එක්දින ජාත්‍යන්තර තරග 9 ක් ක්‍රීඩා කර ඇති අතර, පළමු පෙල තරග 138 ක්, List A එක්දින තරග 116 ක් හා විස්සයි 20 තරග 255 ක් ද ඔහු ක්‍රීඩා කර තිබෙනවා.
2008 වසරේ සිට මේ දක්වා පැවැති සියලුම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සදහා ද ක්‍රීඩා කර ඇති ඔහු අවසන් වරට නියෝජනය කළේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
After a cherished journey in cricket, this season will be my last. I’m honored to represent Bengal one final time, playing only in the Ranji Trophy before I retire. Let’s make this season one to remember! pic.twitter.com/sGElgZuqfP
— Wriddhiman Saha (@Wriddhipops) November 3, 2024