වහබ්, අමීර් සහ හසන් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවතට – ක්‍රීඩක වැටුප් මෙන්න

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය නවතම කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද(13) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව හසන් අලී, වහබ් රියාස් සහ මොහොමඩ් අමීර්ට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොන්ත්‍රාත් ගිවිසුම්වලට අනුව A කාණ්ඩයේ රැදී සිටි හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ්ට නව කොන්ත්‍රාත් ගිවිසුම් අනුව හිමිව ඇත්තේ B කාණ්ඩයයි.

කෙසේ වෙතත්, ශහීන් අෆ්රිඩි සහ අසාර් අලීට B කාණ්ඩයේ සිට A කාණ්ඩය දක්වා උසස් වීමක් හිමිව තිබෙනවා.

බබාර් අසාම් ද A කාණ්ඩයේ රැදී සිටින අතර, එම කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට හිමි වන මුදල දළ වශයෙන් අමෙරිකානු ඩොලර් 6200ක්.

නවක ක්‍රීඩක නසීම් ශාහ් මෙවර පළමු වරට කොන්ත්‍රාත් ගිවිසුම් හිමි කර ගෙන ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ C කාණ්ඩයේ ගිවිසුමක්.

PCB Men’s Central Contract List for 2020-21:

Category A (පාකිස්තාන රුපියල් මිලියන 1.1) 

Azhar Ali (Central Punjab)
Babar Azam (Central Punjab/Karachi Kings)
Shaheen Shah Afridi (Northern/Lahore Qalandars).

Category B (පාකිස්තාන රුපියල් 7,50,000) 

Abid Ali (Sindh/Lahore Qalandars)
Asad Shafiq (Sindh/Multan Sultans)
Haris Sohail (Balochistan)
Mohammad Abbas (Southern Punjab)
Mohammad Rizwan (Khyber Pakhtunkhwa/Karachi Kings)
Sarfaraz Ahmed (Sindh/Quetta Gladiators)
Shadab Khan (Northern/Islamabad United)
Shan Masood (Southern Punjab/Multan Sultans)
Yasir Shah (Balochistan/Peshawar Zalmi).

Category C (පාකිස්තාන රුපියල් 5,50,000) 

Fakhar Zaman (Khyber Pakhtunkhwa/Lahore Qalandars)
Iftikhar Ahmed (Khyber Pakhtunkhwa/Karachi Kings)
Imad Wasim (Northern/Karachi Kings)
Imam-ul-Haq (Balochistan/Peshawar Zalmi)
Naseem Shah (Central Punjab/Quetta Gladiators)
Usman Shinwari (Khyber Pakhtunkhwa/Lahore Qalandars)

Emerging Players’ Category

Haider Ali (Northern/Peshawar Zalmi)
Haris Rauf (Northern/Lahore Qalandars)
Mohammad Hasnain (Sindh/Quetta Gladiators)

Comments (0)
Add Comment