සඳකැන් ශ්‍රේණිගත කිරීම්හි හොඳම 10 දෙනා අතරට – වණිඳුත් ඉදිරියට

නවතම පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වී තිබෙනවා.

ඒ, කොදෙව්වන්ට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

වනිදුට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 623ක්.

ඊට අමතරව ලක්ෂාන් සදකැන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 10 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්.

ඔහු ප්‍රසාද ලකුණු 639 කට හිමිකම් කියන අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්.

SRI LANKA NEWS
Comments (0)
Add Comment