ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිදු හසරංග සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියටත් ක්‍රීඩා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි වනිදු සදහන් කරන්නේ.
“ක්‍රීඩකයෙකු ලෙස මගේ උපරිම උත්සාහය ශ්‍රී ලංකාවට සැමවිටම ලැබේවි. මම සෑම විටම මෙන් මගේ කණ්ඩායමට සහ නායකත්වයට සහය දෙනවා.” යනුවෙන් හසරංග සදහන් කළා.
ඔහුගේ ඉල්ලා අස් වීම සිය ආයතනය විසින් පිළිගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඉන්දියාව සමග තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියක් එළඹෙන 26 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි හසරංග මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස් වුණේ.
- Also Read : ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන නිවේදනය කෙරේ
එම තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් නිවේදනය කර නැහැ.
පසුගිය වසර අවසානයේ දී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණු වනිදු හසරංග මේ දක්වා තරග 10කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.
නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ප්‍රතිපල අත්කර ගැනීමට නොහැකි වූ අතර, පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
වනිදු හසරංගගේ ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් –
Media Release
11h July 2024
Wanindu Hasaranga resigns from the captaincy.
Sri Lanka Cricket wishes to inform the public that National Men’s T20I Captain Wanindu Hasaranga has decided to resign from the captaincy.
Hasaranga said it is in the best interest of Sri Lanka Cricket that he decided to relinquish the captaincy duties and remain in the side as a player.
“Sri Lanka will always have my utmost best efforts as a player, and I will support and stand by my team and leadership as always,” said Wanindu Hasaranga in his resignation letter.
Sri Lanka Cricket, while accepting his resignation, wishes to state that Hasaranga will remain an important player for us in our international cricketing plans.