ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග දෙකම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ වම් පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
දෙරට අතර පැවැති පළමු එක්දින තරගයේ දී ඔහු යොමු කළ 10 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදීයි වනිදු එම ආබාධයකට ලක් වුණේ.
අනතුරුව ඔහු මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුගේ ආබාධය පිළිබද වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට(4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.