වනිදු ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම අංක 1 වෙයි

පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින්.

වනිදුට මේ වන විට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 776ක්.

ශම්සි ශ්‍රේණිගත ලකුණු 770කට හිමිකම් කියමින් දෙවැනි ස්ථානයේ පසුවනවා.

මේ වන විට පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී වනිදු බිද හෙලා ඇති කඩුලු ගණන 14ක්.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු කඩුලු ත්‍රිත්වයක් ද බිද හෙලීමට සමත් වුණා.

මේ අතර, අයි.සී.සී පන්දුවාර 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානය හිමි කර ගැනීමට ද වනිදු හසරංග සමත්ව ඇත්තේ පිතිකරණයෙන් ද ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

Comments (0)
Add Comment