අයි.සී.සී පන්දුවාර 20යි 20 නවතම ශ්‍රේණිගත කිරීම් මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඊට අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.
ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 173ක්.
ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇත්තේ සිව්වන ස්ථානය දක්වායි.
මොහොමඩ් නබී (265) එහි පෙරමුණේ පසුවන අතර, ශකිබ් අල් හසාන් (260) දෙවැනි ස්ථානයේ පසුවනවා.
20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවන්නේ වනිදු හසරංගයි.
වනිදුට ශ්‍රේණිගත ලකුණු 797ක් හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සිට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 784ක්.
ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ් 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 11කින් ද, නවසීලන්තයේ ටිම් සවුති 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.
පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ චරිත් අසලංකයි. ඔහු 27 වන ස්ථානයේ රැදී සිටිනවා.