ලෝක ශූරයින්ට පිරිනමන ත්‍යාග මුදල් ගැන අයි.සී.සීයෙන් විශේෂ තීරණයක්

අයි.සී.සී තරගාවලි වෙනුවෙන් ඉදිරියේ දී කාන්තා හා පිරිමි අංශ සදහා සමාන මට්ටමෙන් ත්‍යාග මුදල් පිරිනැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැති අයි.සී.සී වාර්ෂික රැස්වීමේ දී යි මෙම තීරණයට එළඹ ඇත්තේ.

ඒ අනුව එක්දින ලෝක කුසලාන තරගාවලි, 20යි 20 ලෝක කුසලාන තරගාවලි මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි සදහා ඉදිරියේ දී කාන්තා හා පිරිමි කණ්ඩායම්වලට සමාන ත්‍යාග මුදල් පිරිනැමීමට නියමිතයි.

එනම් ඉදිරියේ දී කාන්තා අංශයෙන් හෝ පිරිමි අංශයෙන් ලෝක කුසලානයක් ජය ගතහොත් සමාන ත්‍යාග මුදලක් කාන්තා කණ්ඩායමට මෙන්ම පිරිමි කණ්ඩායමට ද හිමි වනු ඇති.

අදාළ තරගාවලියන්හී දී තරග ජයග්‍රහනයක් වෙනුවෙන් ලබා දෙන මුදල් ද කාන්තා හා පිරිමි තරගාවලි සදහා සමාන අයුරින් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

big 3
Comments (0)
Add Comment