2024 T20 ලෝක කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායමට දැවැන්ත මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් නිවේදනය කළේ ඉන්දීය කණ්ඩායම සදහා ඉන්දීය රුපියල් කෝටි 125 ක මූල්‍ය ත්‍යාගයක් ලබා දීමට තීරණය කර ඇති බවයි.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 458 ක පමණ වටිනාකමක් වනවා.
ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 75 ක්) මූල්‍ය ත්‍යාගයක් ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමනු ලැබුවා.
ඊට අමතරව ඔවුන් මූලික වටයේ දී හා සුපිරි 8 වටයේ දී ජය ගත් සෑම තරගයක් වෙනුවෙන්ම ඉන්දීය කණ්ඩායමට ඩොලර් 31,154 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 95 ක් පමණ) මූල්‍ය ත්‍යාගයක් ද හිමි වුණා.
- Also Read : T20 ලෝක කුසලානයේ දී ත්‍යාග මුදල් බෙදී ගියේ මෙහෙමයි – ශ්‍රී ලංකාවට ලද මූල්‍ය ප්‍රමාණය මෙන්න
I am pleased to announce prize money of INR 125 Crores for Team India for winning the ICC Men’s T20 World Cup 2024. The team has showcased exceptional talent, determination, and sportsmanship throughout the tournament. Congratulations to all the players, coaches, and support… pic.twitter.com/KINRLSexsD
— Jay Shah (@JayShah) June 30, 2024