ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි අදියර ජයග්‍රහනය කිරීම පිළිබද ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් අද(5) දිනයේදී බොදව ගියා. ඒ, ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව ලැබූ තරග 3-1 ක ටෙස්ට් තරගාවලි ජයත් සමගින්.
ඒ අනුව 2023-25 අදියරේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි. මීට පෙර පැවැති අදියර දෙකේදී පිළිවෙලින් නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරයින් බවට පත් වුණා.
මෙවර අදියරේද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වීමත් සමග ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට යොමුව ඇත්තේ 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලිය වෙතයි.
මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ එම අදියරට අදාළ ශ්‍රී ලංකා තරග කාලසටහන පිළිබදවයි.
2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වන්නේ ලබන ජූනි මාසයේදී ඉන්දියාව හා එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමගයි.
එම අදියරේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී හා සංචාර ලෙස විදෙස් රටවලදී තරගාවලි 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා පිල සිය රටේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය යන කණ්ඩායම්වලට එරෙහිවයි.
ඊට අමතරව 2025-27 අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තානය යන රටවල සංචාරවල ද නිරත වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන එම අදියරට අදාළ සෑම ටෙස්ට් තරගාවලියක් සදහාම ටෙස්ට් තරග දෙක බැගින් ඇතුළත්.
තරග කාලසටහන –
- 2025 ජූලි – බංග්ලාදේශයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක්.
- 2026 ජූනි/ජූලි – බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කොදෙව් දූපත්හී දී ටෙස්ට් තරග 2ක්.
- 2026 අගෝස්තු – ඉන්දියාවට එරෙහි මෙරටදී ටෙස්ට් තරග 2ක්.
- 2026 ඔක්තෝබර්/නොවැම්බර් – පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේදී ටෙස්ට් තරග 2ක්.
- 2027 ජනවාරි/පෙබරවාරි – නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී ටෙස්ට් තරග 2ක්,
- 2027 මාර්තු – දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක්.