ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

තරග 9කට ක්‍රීඩා කර තරග 7ක් ජය ගෙන ඇති ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 360ක්.

ප්‍රසාද ලකුණු 296කට හිමිකම් කියන ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

නවසීලන්තය තෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 180ක් හිමි කර ගනිමින්.

ඊයේ එංගලන්තයට එරෙහිව ලැබූ ජයත් සමගින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට මෙහි හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහන –

ICC
Comments (0)
Add Comment