ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

තමා විසින් පසුගිය 13 වැනිදා ඊට අනුමැතිය ලබා දුන් බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ ප්‍රකාරව තමා ඊට අනුමැතිය ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව ලෝක කුසලානය සදහා ක්‍රීඩා කරන ආසියානු ශූර ශ්‍රී ලංකා සංචිතය බොහෝ විට අද (15) දිනයේ දී නිවේදනය කරනු ඇති.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Comments (0)
Add Comment