2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද(10) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වනවා.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට කේප් ටවුන් හී Newlands ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව හැරුණු විට, මෙවර තරගාවලියේ දී පළමු කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශය ද තරග කිරීමට නියමිතව තිබෙනවා.
දෙවැනි කාණ්ඩයට අයත් රටවල් වන්නේ ඉන්දියාව, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්.
ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය එළඹෙන 12 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, තෙවැනි තරගය එළඹෙන 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් පැවැත්වීමට නියමිතයි.
එළඹෙන 19 වැනිදා ශ්‍රී ලංකා කාන්තා පිල තරග බිමට පිවිසෙන්නේ නවසීලන්තයට එරෙහිවයි.
තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 26 වැනිදා Newlands ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.