ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට කොදෙව් සංචිතය නම් කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත තරගාවලිය සදහා ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 10 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් පමණක් 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබෙනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙරහුරුවක් වශයෙන් ලබන මස මුලදී කොදෙව් කණ්ඩායම සාජා හී දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට ද නියමිත අතර, එම තරගාවලිය සදහා වන සංචිතය ද කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තුන් ඉරියව් ක්‍රීඩක කීමෝ පෝල් හා දග පන්දු යවන ක්‍රීඩක Gudakesh Motie යළි එක්දින සංචිතයට කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ජූනි 5, 7 හා 9 යන දිනවලදී එක්සත් අරාබියට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා මෙතෙක් එක්දින වරම් දිනා නොමැති Alick Athanaze, Kavem Hodge, Dominic Drakes හා Akeem Jordan යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.

Squad v United Arab Emirates :

Shai Hope (captain), Brandon King (vice captain), Alick Athanaze, Shamarh Brooks, Yannic Cariah, Keacy Carty, Roston Chase, Dominic Drakes, Kavem Hodge, Akeem Jordan, Gudakesh Motie, Keemo Paul, Raymon Reifer, Odean Smith, Devon Thomas

ICC Cricket World Cup Qualifiers :

Shai Hope (captain), Rovman Powell (vice captain), Shamarh Brooks, Yannic Cariah, Keacy Carty, Roston Chase, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Gudakesh Motie, Keemo Paul, Nicholas Pooran, Romario Shepherd

big 3
Comments (0)
Add Comment