ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නිල ඇදුම් දෙකක්

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නිල ඇදුම් දෙකක් යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම ඇදුම් දෙකෙන් සැරසී සිටින ආකාරය ඇතුළත් ඡායාරූපයක් අද(11) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළා.

මීට පෙර ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් ද නිල ඇදුමෙන් සැරසී සිටින ඡායාරූපයක් සමාජජාලා මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

පසුගිය කාලයේ පැවැති අයි.සී.සී තරගාවලි සදහා ද ශ්‍රී ලංකාව මෙලෙස නිල ඇදුම් දෙකක් භාවිතා කරනු ලැබුවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(12) දිනයේ දී හා ලබන 14 වනදා පුහුණු තරග දෙකකට ද ක්‍රීඩා කරනු ඇති.

SLC

SRI LANKA NEWS
Comments (0)
Add Comment