ක්‍රිකට් නීති භාරකරුවා මෙන්ම ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ හිමිකරු වන බ්‍රිතාන්‍යයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) මෙතෙක් පැවැති ලෝක ක්‍රිකට් කමිටුව වෙනුවට ගෝලීය උපදේශක මණ්ඩලයක් (World Cricket Connects Advisory Board) (Connects Board) පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහි සභාපති ධූරය ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට හිමිව තිබීම විශේෂත්වයක්. ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ ද ඔහුයි.
එමෙන්ම 2019 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2021 සැප්තැම්බර් මාසය දක්වා මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබූ අතර, එම තනතුරට පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු පුද්ගලයා වූයේ සංගක්කාරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ශාහ් ද මෙම ගෝලීය උපදේශක මණ්ඩලයට ඇතුළත් කර තිබීම කැපී පෙනෙනවා.
2024 වසරේදී ලෝඩ්ස්හීදී MCC විසින් පවත්වන ලද World Cricket Connects සම්මන්ත්‍රණය ඔස්සේ මෙම උපදේශක මණ්ඩලය බිහිව ඇති අතර, 2025 වසරේදී ද World Cricket Connects සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල හඩවල් 120 ක් පමණ පළමු සම්මන්ත්‍රණය සදහා එක්ව සිටියා. එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ අභියෝග, පවතින අවස්ථා මෙන්ම ක්‍රීඩාවේ අනාගතය පිළිබද වැදගත් සංවාදයක් ඇති වුණා.
මෙම සම්මන්ත්‍රණයේ දෙවැනි අදියර 2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පෙර ජූනි 7 වැනිදා හා 8 වැනිදා ලෝඩ්ස්හීදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ගෝලීය උපදේශක මණ්ඩලයට පෙර පැවැති ලෝක ක්‍රිකට් කමිටුව 2006 වසරේදී ස්ථාපිත කර තිබුණා. විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) , ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) මෙන්ම දිවා රාත්‍රී ටෙස්ට් තරග මෙම කමිටුවේ නිර්දේශ මතයි අයි.සී.සීය සම්මත කර තිබුණේ.
World Cricket Connects Advisory Board :
- Kumar Sangakkara (Chair – Former Sri Lanka captain and former President of MCC)
- Anurag Dahiya (Chief Commercial Officer at ICC)
- Chris Dehring (CEO at West Indies Cricket)
- Sourav Ganguly (Former India captain and former President of BCCI)
- Sanjog Gupta (CEO- Sports, JioStar)
- Mel Jones (Former Australia international and current broadcaster)
- Heather Knight (England captain)
- Trudy Lindblade (CEO at Cricket Scotland)
- Heath Mills (Executive Chair at World Cricketers’ Association)
- Imtiaz Patel (Former Chair of SuperSport, MultiChoice and DStv)
- Jay Shah (Chair of ICC)
- Graeme Smith (Former South Africa captain and League Commissioner at SA20)
- Andrew Strauss (Former England captain and former Director of Cricket at ECB)