ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ප්‍රබලයින් රැසක් එක් වෙයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් වන අන්ඩ්‍රි රසල්, සුනිල් නරේන්, ලොකී ෆර්ගසන් හා ජේසන් රෝයි ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් (MLC) පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු අදියර සදහායි.

රෝයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග පවතින සිය කොන්ත්‍රාත් ගිවිසුම ද අවලංගු කරමිනුයි ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වුණේ.

ඇඩම් සම්පා, මාර්ටින් ගප්ටිල් හා රයිලී රොසෝව් ද ලොස් ඇන්ජලීස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

Unmukt Chand, ඇමෙරිකාවේ Jaskaran Malhotra හා Ali Khan ද එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

Malhotra ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එක් පන්දුවාරයකදී හයේ පහර 6 ක් එල්ල කළ පිතිකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු ද වනවා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව ඇමෙරිකාවේ Ali Sheikh , කොදෙව් දූපත්හි Bhaskar Yadram , දකුණු අප්‍රිකාවේ Corne Dry , කැනඩාවේ Nitish Kumar , පාකිස්තානයේ Saif Badar හා දකුණු අප්‍රිකාවේ Shadley Van Schalkwyk යන ක්‍රීඩකයින් ද ලොස් ඇන්ජලීස් සංචිතයට ඇතුළත්.

තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment